April 26, 2024

“මම මාස 10කට වඩා ලංකාවේ හිටියා මැච් එක බලන්න - ඒත් මාව පන්නලා දැම්මා” බ්‍රිතාන්‍ය ක්‍රිකට් ලෝලීයාගේ සංවේදී කතාව

අද (14) දිනයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ටෙස්ට් තරඟාවලිය නැරඹීම සඳහා මාස 10කට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටි එංගලන්ත ක්‍රිකට් ලෝලියෙකු අවාසනාවන්ත ඉරණමකට මුහුණ දී තිබේ.

පසුගිය වසරේ මාර්තු මාසයේ දී දෙරට අතර ටෙස්ට් තරඟාවලිය ආරම්භ වීමට නියමිතව තිබුණත් කොරෝනා වසංගත හමුවේ එම තරඟාවලිය අද දිනය දක්වා අත්හැර දැමීය.

රොබ් ලුවිස් නම් මෙම බ්‍රිතාන්‍ය ජාතිකයා මෙරටට පැමිණ ඇත්තේ ද පසුගිය මාර්තු මාසයේ දී වන අතර ටෙස්ට් තරඟාවලිය නොපැවැත්වීම හේතුවෙන් ඔහු මෙරට මාස 10කට ආසන්න කාලයක් රැඳි සිට තිබේ.

රොබ් මේ පිළිබඳව සඳහන් කරමින් පවසා තිබුණේ තමා එංගලන්ත කණ්ඩායම නැවත ශ්‍රී ලංකානු සංචාර සඳහා පැමිණෙන තුරු රැඳී සිටීමට තීරණය කළ බවයි.

ක්‍රීඩාංගණය තුළට කිසිවෙකුටත් ඇතුළ වීමට ඉඩ ලබා නොදෙන නිසා තමා විසින් ගාලු කොටුව මතට වී සිටි බවත් එතැන සිට ක්‍රීඩාංගණය දෙස බලා සිටි බවත් රොබ් විසින් පවසා තිබුණී.

තමන් සෑහෙන්න කලකිරීමකින් සිටින බවත්, තමන් මෙම අවස්ථාව නැරඹීම සඳහා මාස 10කට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටි බවත් නමුත් පොලීසිය විසින් තමාව පන්නා දැමූ බවත් රොබ් ලුවිස් පවසා තිබුණී.

ශ්‍රී ලංකාවේ රැදී සිටින කාලය තුළ ඔහු රැකියා කිහිපයකම නිරතව සිටි අතර වෙබ් නිර්මාණකරුවෙකු ලෙසත් රාත්‍රී සමාජ ශාලා DJ සංගීත ශිල්පියෙකු ලෙසත් ඔහු කටයුතු කර තිබුණි.

ඔහු විසින් එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් එල්ලා තිබූ බැනර් කිහිපයද ගලවා දැමූ බවත් තමන්ට දැඩි ලෙස අවවාද කළ බවත් රොබ් පවසා විසින් පවසා තිබේ.

තමන්ට එම බැනර් එල්ලීම සඳහා පැයකට අධික කාලයක් ගිය බවද රොබ් පවසා සිටියේය.

"මම පොලිස් ප්‍රධානියා හමුවෙන්න යනවා - මට ඕන එකම දේ මැච් එක බලන්නයි" යැයිද ඔහු විසින් ප්‍රංශ පුවත් ඒජන්සිය වෙත පවසා තිබේ.

"තවත් දින 09ක් තියෙනවා - ඒ ඉතිරි දවසකවත් මට තරගය බලන්න යන්න ලැබෙයි කියලා මම හිතනවා" යැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

විශේෂ ආරක්ෂක හේතුන් මත ශ්‍රී ලංකා පොලිසීය විසින් ගාලු කොටුවේ පෞරාණික ස්ථානයන් වෙත යෑමට තහනම් කර ඇති බව සඳහන් වෙයි.

මෙරට පවතින නිරෝධායන නීතින් හමුවේ ක්‍රිකට් තරග පැවැත්වෙන බැවින් කිසිවෙකුටත් තරගය නැරඹීම සඳහා ක්‍රීඩාංගණය තුළට යාමටද ඉඩ ලබා දී නොමැත.



Rate this item
(0 votes)