May 09, 2024

අන්ත පරාජයෙන් පසුව ඉන්දියානු ක්‍රිකට් පුහුණුකරුව එලවන්නට ඉන්දියානු ක්‍රිකට් ලෝලීන් සැරසෙයි

December 20, 2020

සංචාරක ඉන්දියානු කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියේ පළමු ටෙස්ට් තරගයේ දී දෙවැනි ඉනිමට ලකුණු 36/9ක් දැවී ඉන්දියානු කණ්ඩායම අන්ත පරාජයකට මුහුණ දීමත් සමඟ ඉන්දියානු ක්‍රිකට් ලෝලීන් සමාජ මාධ්‍ය තුළ යම් උණුසුම්කාරී තත්ත්වයක් නිර්මාණය කරමින් සිටියි.

ඒ ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන රවී ශාස්ත්‍රිට එරෙහිවයි.

ඉන්දියානු කණ්ඩායමේ පුහුණුකාරීත්වය දැරූ පුහුණුකරුවන්ගෙන් නරකම පුහුණුකරුවා ලෙසද රවී ශාස්ත්‍රීව එරට ක්‍රිකට් ලෝලීන් විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

2007 වසරේ ග්‍රෙග් චැපල්ගේ ඉවත් වීමෙන් පසුව කණ්ඩායමට පැමිණි නරකම පුහුණුකරුවා ලෙසද තවත් ප්‍රේක්ෂකයන් පිරිසක් රවී ශාස්ත්‍රීව හඳුන්වා ඇත.

2019 ලෝක කුසලානය අහිමි වීමටද ප්‍රධාන හේතුව වන්නේ රවී ශාස්ත්‍රි බව පෙන්වා දෙන ඉන්දීයානු ක්‍රිකට් ලෝලීන් ඔහුව ඉවත් කර නව පුහුණුකරුවෙකු පත් කරගන්නා ලෙසද ඉන්දීයානු ක්‍රිකට් බලධාරීන් වෙත සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කරමින් සිටියි.

ඔවුන් ඒ සඳහා සව්රෝ ගංගුලි, ජස්ටින් ලැන්ගර් හෝ රාහුල් ඩ්‍රාවිඩ් වැනි අයවද යෝජනා කරමින් සිටියි.

තවත් ප්‍රේක්ෂකයන් පිරිසක් රවී ශාස්ත්‍රි වෙත පවසා තිබුණේ නැවත වතාවක් විස්තර විචාරකයෙකු ලෙස ගොස් සිය වැඩ කටයුතු කරන ලෙසත්, ඔහු පුහුණුකරුවෙකු නොවන බවත් ය.

රාහුල් ඩ්‍රාවිඩ් හට ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම භාර ගන්නා මෙන්ද ඔවුන් ඉල්ලා තිබුණී.

Rate this item
(4 votes)