May 03, 2024

ඔට්ටුවලට ප්‍රසිද්ධ ගිබ්ස් Colombo kings පුහුණුකාර ධුරයෙන් ඉවතට

December 11, 2020

ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් Colombo kings කණ්ඩායමේ පුහුණුකාර ධූරයෙන් දකුණු අප්‍රිකානු ජාතික හර්ෂල් ගිබ්ස් ඉවත් කොට ඇති බව විශ්වාසවන්ත ආරංචි මාර්ග ප්‍රකාශ කරන බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

ගිබ්ස් ශ්‍රී ලංකාවට පැමිණියේ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ විස්තර විචාරයට සම්බන්ධ වීමේ අරමුණින් වුවත් ඔහු මෙරටට පැමිණි විගස ඔහුව Colombo kings කණ්ඩායමේ පුහුණුකරු ධුරයට නම් කරන ලදී.

ගිබ්ස් ඉවත් කිරීමට හේතුව අනාවරණය වී නොමැති බවත් ඔහු ඉවත් කිරීමෙන් පසු එම කණ්ඩායමේ පුහුණුකාර ධුරයට රංගන හේරත් පත්කර ඇති බවද ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

හර්ෂල් ගිබ්ස් දකුණු අප්‍රිකාව වෙනුවෙන් ක්‍රීඩා කරද්දී මුදලට ක්‍රීඩා කිරීමේ චෝදනා යටතේ ක්‍රිකට් තහනමකට ලක්ව සිටි අතර 1999 ඕස්ට්‍රේලියාවට එරෙහි ලෝක කුසලාන අර්ධ අවසාන පූර්ව තරඟයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ස්ටිව් වෝගේ ඉතා පහසු උඩපන්දුවක් අතහැරීම මත දකුණු අප්‍රිකාව එම තරගයෙන් පරාජය වි අවසන් තරගයට සහභාගි වීමේ අවස්ථාව ද අහිමි විය.

එම උඩපන්දුව ද ඔට්ටුකරුවන්ගේ ඉල්ලීමක් මත ගිබ්ස් අතහැරි බවටද රාවයන් පවතී.

Rate this item
(1 Vote)