May 14, 2024

නිරෝධායනය වෙන්න බැහැ කියා බංග්ලාදේශය අත්හැර දැමූ ශ්‍රී ලංකා තරඟ සංචාරය නැවත ඉල්ලයි

December 07, 2020

පසුගිය ජුලි මාසයේ දී බංග්ලාදේශය ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරග 3 කට ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණද පවතින කොරෝනා වසංගතය හමුවේ ජාත්‍යන්තර තරඟාවලියක් ක්‍රීඩා කිරීම සඳහා සුදුසු වතාවරණයක් නොමැති වීම නිසා එම තරඟාවලියට සහභාගී නොවන බව බංග්ලාදේශ ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත දන්වා තිබුණි.

එමෙන්ම පසුව පසුගිය ඔක්තොම්බර් මාසයේ දී නැවත වරක් අත්හැර දැමූ ටෙස්ට් තරඟාවලිය සමඟ තවත් තරඟ කිහිපයක් පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් බංග්ලාදේශයට ආරාධනා කර තිබුණු අතර දින 14ක නිරෝධායන ක්‍රියාවලියට ලක් වීමට නොහැකි බව දන්වමින් බංග්ලාදේශය එම තරඟාවලියද කල්දමන ලෙස ඉල්ලීමක් කර තිබුණි.

මෙලෙස අත්හැර දමමින් සිටි තරඟ සංචාරය නැවත ලබා ගැනීම සඳහා මේ වනවිටත් බංග්ලාදේශ ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ සාකච්ඡා කරමින් සිටින බවට වාර්තා වෙයි. 

Rate this item
(4 votes)