May 08, 2024

ගාල්ල ග්ලැඩියේටර්ස් පිලට වැඩ බැරි පැරශුට් ක්‍රීඩකයෙක් බස්සයි

December 01, 2020


දැන් පැවැත්වෙන LPL තරගාවලියේදී ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියෝජනය කරන පාකිස්තාන ජාතික ක්‍රීඩකයකු වූ අසාම් ඛාන් විශේෂ සැලකිල්ලක් ලත් ක්‍රීඩකයකු එසේත් නැතිනම් පන්දමට එම කණ්ඩායමට ක්‍රීඩා කරන ක්‍රීඩකයකු බව වාර්තා වේ.

ඉතා තරබාරු සිරුරකින් යුත් 20 හැවිරිදි වියේ පසුවන අසාම් ඛාන් කණ්ඩායමේ පුහුණුකරු වන පකිස්තාන ජාතික ක්‍රිකට් පිල නියෝජනය කළ මොයින් ඛාන්ගේ පුත්‍රයා වීම මෙම විශේෂත්වය ලැබීමට හේතු වී තිබෙන බවද දැනගන්නට තිබේ.

ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ඉදිරිපෙළ පිතිකරුවෙකු ට අමතරව කඩුළු රකින්නා ලෙසද කටයුතු කරන අසාම් ඛාන් මේ වන විට එම කණ්ඩායම සහභාගි වූ තරග තුනටම සහභාගි වී ඇති අතර එහිදී පිළිවෙලින් රැස් කොට තිබෙන්නේ ලකුණු 20ක් 10ක් හ 13ක් පමණි. කඩුලු රකින්නා ලෙස රැකගෙන තිබෙන්නේ එක් උඩපන්දුවක් පමණි.

අසාම් ඛාන් ක්‍රීඩකයාගේ දත්තවලට අනුව ඔහු එක්දින තරග 8කට සහභාගී වී ලබාගෙන තිබෙන්නේ ලකුණු 53ක් පමණි. (සාමාන්‍ය 13.25) T 20 තරග 24 කට සහභාගි වී ලබාගෙන තිබෙන්නේ ලකුණු 433 ක් පමණි.(සාමාන්‍ය 22.52)

ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායම දරුණු පකිස්තාන ආක්‍රමණයකට ලක් ව තිබෙන අතර එම කණ්ඩායමට නායකත්වය දෙන්නේ පාකිස්තාන කණ්ඩායමේ හිටපු නායකයෙකු වන සහිඩ් අෆ්රිඩි ය. ඒ හැරුණු කොට එම කණ්ඩායමට පකිස්ථාන ජාතික ක්‍රීඩකයින් වන මොහොමඩ් අමීර්, අබ්දුල් නාසීර්, අශාන් අලි, වකාස් මක්ෂුඩ් යන ක්‍රීඩකයින් ද ඇතුළත් වේ.

ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ සතුව බටහිර ඉන්දීය කොදෙව් ජාතික පෙළ නියෝජනය කළ කඩුළු රකින්නෙකු වන චැඩ්වික් වෝල්ටන් සිටියද කණ්ඩායමේ පුහුණුකරු වන මොයින් ඛාන් ඔහු ව සහභාගී කර තිබෙන්නේ එක් තරගයකට පිතිකරුවකු ලෙස පමණක් වන අතර දිගින් දිගටම අසාර්ථක වුවද මෙතෙක් පැවති තරග සියල්ලටම සිය පුත්‍රයා සහභාගී කරවීමට ඔහු කටයුතු කර තිබේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 01 December 2020 15:29