April 28, 2024

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ජයග්‍රහණය වෙත ගෙන ගිය හැටි මහේල කියයි

November 12, 2020

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම 03 වෙනි වරටත් ශූරයන් බවට පත් කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මෙන්ම සුපිරි පිතිකරු මහේල ජයවර්ධන විසින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ජයග්‍රහණය වෙත ගෙන ගිය ආකාරය ගැන මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබේ.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය තරමක් දුෂ්කර තරඟාවලියක් බවට මහේල පවසා සිටියේය.

රිකි පොන්ටින් සහ ඔහුගේ පුහුණුකාරීත්වය ලැබූ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට තමා සුබ පැතීමට කැමති බවද මහේල කියා සිටියේ ඔවුන් දැඩි තරඟයක් අවසාන තරඟයේ දී ලබා දුන් බවද පවසමිනි.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම කලමණාකරණය කර ගැනීමට සමත් වූ බවත් ඔවුන් ඒ සඳහා හොඳින් සුදානම් වූ බවද මහේල කියා සිටියේය.

තරඟයේ දී ලොකු පහරවල් එල්ල කිරීම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ඩී.එන්.ඒ වලම පවතින දෙයක් යැයි පැවසු මහේල සඳහන් කර සිටියේ එය මනාව හසුරුවමින් ක්‍රීඩා කිරීමට තම කණ්ඩායම මෙහෙය වූ බවයි. 

තමන්ගේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට දායකත්වය ලබා දුන් කණ්ඩායමේ කලමණාකාරීත්වයට ස්තූතිය පුද කරන බවද මහේල පවසා සිටියේය.

මෙහිදී කණ්ඩායමේ සියලු දෙනාට තමන්ගේ වගකීම සහ කාර්ය භාරය මනාව තේරුම් කර දුන් බව පවසන මහේල කියා සිටියේ කණ්ඩායමට හොඳ නායකත්වයක් සහ කාර්ය මණ්ඩලයක් ද සිටි බවයි.

සියලු දෙනාගේ වෙහෙස මහන්සියේ ප්‍රතිඵලයක් ලෙස මෙම ජයග්‍රහණය හිමිකරගත් බවද මහේල පවසා සිටියේය.

Rate this item
(0 votes)