May 03, 2024

“ඔහු අපේ කණ්ඩායමේ නැංගුරම - ඒ නිසා මම මගේ කඩුල්ල කැප කළා”- සූර්යකුමාර්ගේ ක්‍රිකට් ලෝලීන් සංවේදි කළ කතාව

November 11, 2020

ඊයේ (10) දිනයේ නිමාවට පත් වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ අවසන් තරගයේ දී බොහෝ දෙනාගේ අවධානයට යොමු වී තිබුණේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක රොහිත් ශර්මා සහ සූර්යකුමාර් යාදව් විසින් ක්ෂණික ලකුණක් ලබා ගැනීමට ගොස් දුවද්දී දැවී යාමයි.

තරගයේ ජය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් හිමිකර ගත්තත් බොහෝ දෙනා මෙම දැවී යාම සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කර සිටියා.

රෝහිත් ශර්මා විසින් කියා තිබුණේ සූර්යකුමාර්ගේ කඩුල්ල වෙනුවට තමන්ගේ කඩුල්ල කැප කිරීමට තිබුණු බවයි.

ප්‍රබල පිතිකරුවෙකු වූවත්, මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ඉහළ දස්කම් දැක් වූවත්, තරඟාවලියේ වැඩිම කතාබහකට ලක් වූ පිතිකරුවෙකු වූවත් සූර්යකුමාර් හට තවමත් ඉන්දීය ජාතික කණ්ඩායමේ ස්ථානයක් හිමි වී නොමැත.

සූර්යකුමාර් යාදව් තරගයෙන් පසුව සිය දැවී යාම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය දෙස් විදෙස් ක්‍රිකට් ලෝලීන් සංවේදි කිරීමට සමත්ව තිබේ.

ඔහු එහිදී කියා සිටියේ එම අවස්ථාවේ රෝහිත් හොඳ ස්ථාවරයක සිටි බවත්, ඔහු තරගය ආරම්භයේ සිටම ඉනිමේ නැංගුරම ලෙස ක්‍රීඩා කළ බවයි.

ඔහු වෙනුවෙන් තමන්ගේ කඩුල්ල කැප කිරීම ගැන තමන්ට කණගාටුවක් නොමැති බවද සුර්යකුමාර් යාදව් පවසා සිටියේය.

ඔහුගේ මෙම ප්‍රකාශය බොහෝ ක්‍රිකට් ලෝලීන් සංවේදි කිරීමට සමත් වී තිබූ අතර බොහෝ දෙනා විසින් සූර්යකුමාර් යාදව් "රත්තරං හදවත් ඇති මිනිසෙක්" ලෙස සමාජජාල මාධ්‍ය ඔස්සේ හඳුන්වා තිබුණි.

තවත් පිරිසක් කියා සිටියේ ඔහු පිතිකරණයෙන් මෙන්ම මානූෂිය බවෙන්ද ඉන්දීයානු කණ්ඩායමට තමන්ගේ සුදුසු භාවය ප්‍රකාශය කර ඇති බවයි.

Rate this item
(0 votes)