May 20, 2024

මහේලගේ පුහුණුකාරීත්වය යටතේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම IPL තරඟාවලියේ 03 වෙනි වරටත් අවසන් වටයට

November 06, 2020

මෙවර එක්සත් ආරබි එමීර් රාජ්‍යයේ පවත්වනු ලබන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ඊයේ (05) දිනයේ පැවැති අවසන් තරගය සඳහා සුදුසුකම් ලබන තරගයේ දී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරදවා අවසන් වටයට සුදුසුකම් ලැබීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වන්නේ විශිෂ්ඨ ජයග්‍රහණයකින් පසුවයි.

ඊයේ පැවැති මෙම තරගයේ දී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුළු 05ක් දැවී ලකුණු 200ක් ලබා ගැනීමට සමත් විය. මෙම ලකුණු ලබා ගැනීමේ දී කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨම ක්‍රීඩකයන් දෙදෙනා වන රෝහිත් ශර්මා සහ කිරන් පොලාර්ඩ් ලකුණු නොලබා දැවී යන අවස්ථාවේ නවක ක්‍රීඩකයන් දැවැන්ත පිතිහරඹයක නිරත විය.

ඒ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ඉනිම තුළ අවසන් පන්දුවාර 06 තුළ පමණක් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමෙන් ලකුණු 92ක් උදුරා ගැනීමට මුම්බායිස් පිතිකරුවන් සමත්විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ මුල් කඩුළු 03ක් එම කණ්ඩායම ලකුණු රැස් කිරීමට ප්‍රථමයෙන් දවා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය. ඔවුන් රැස් කර ගැනීමට හැකි වුයේ පන්දුවාර 20 අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 143ක් පමණයි.

ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම 06 වන වරටත් අවසන් තරගයක් සඳහා සුදුසුකම් ලැබූ අතර මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය 2017 වසරේ දී ලබා ගත් පසුව මුම්බායි ඉන්දීයන්ස් කණ්ඩායම අවසන් වටයක් සඳහා සුදුසුකම් ලැබූ 03 වෙනි අවස්ථාව මෙයයි.

2017 වසරේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙස එක්වෙන මහේල එම වසරේ දීම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අවසන් තරගයේ ජයග්‍රහණය දක්වා ගෙන ගියේය. ඉන් අනතුරු 2019 වසරේ ද මුම්බායි ඉන්දීයන්ස් කණ්ඩායම ශූරයන් බවට පත් කළේය. දැන් මෙම වසරේ ද ජයග්‍රහණය කරා ගෙන යමින් සිටියි.

Rate this item
(0 votes)