May 17, 2024

යන යකා කොරහාත් බිඳගෙන යයි - චෙන්නායි පිල පන්ජාබ් පිලත් IPL වලින් ඉවත් කරයි

November 02, 2020

මෙවර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පවත්වනු ලබන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ඊයේ (01) පැවති තරගයකින් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම කඩුළු 09ක ජයක් ලැබීමට සමත් විය.

තරඟාවලිය පුරාවටම ආසාර්ථකම වු කණ්ඩාම ලෙස ප්‍රසාද ලකුණු සටහනේ අවසන් තැනද සිටි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මෙම ජයග්‍රහණය ලැබීමත් සමඟ අවසන් කණ්ඩායම් 04 අතරට තේරී පත්ව සිටි කිංග්ස් ඉලවෙන් පන්ජාබ් කණ්ඩායමට තරඟාවලියෙන් ඉවත් වීමට සිදුවිය.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කිංග්ස් ඉලවෙන් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුළු 06ක් දැවී ලකුණු 153ක් රැස් කර ගැනීමට සමත්විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි කණ්ඩායම 1ක් කඩුල්ලක් පමණක් දැවී පන්දුවාර 18 යි පන්දු 5ක් තුළදී ලකුණු 154ක් ලබා ගෙන තරගයේ ජය අත්පත් කර ගත්තේ ය.

දැන් නැවත චෙන්නායි කණ්ඩායම ඉන්දීයාව බලා යන අවස්ථාවේ කින්ග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම ද රැගෙනු යනු ඇතැයි ප්‍රේක්ෂකයන් විසින් හාස්‍ය ජනක ප්‍රකාශයන් ද මේ සමඟ කර තිබුණි.

Rate this item
(0 votes)
Last modified on Monday, 02 November 2020 09:28