April 26, 2024

මෙම වසරේ බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරඟාවලිය නොපැවැත්වීමට තීරණයක්!

මෙම වසරේ දී බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරඟාවලිය නොපැවැත්වීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බංග්ලාදේශය තුළ කොරෝනා වෛරස් පාලනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග සහ සෞඛ්‍ය ආරක්ෂිත පියවර හේතුවෙන් මෙලෙස තරඟාවලිය නොපැවැත්වීමට තීරණය කර තිබේ.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය මෙන් විදෙස් රටක තරඟය පැවැත්වීමට තරම් මුදල් වියදම් කළ නොහැකි බවද එරට ක්‍රිකට් බාර බලධාරීන් සඳහන් කර ඇත.

Rate this item
(0 votes)