June 18, 2024

ප්‍රංශය අද තරග බිමේ

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ප‍්‍රබල ප‍්‍රංශ කණ්ඩායම සහභාගි වන පළමු තරගය අද මධ්‍යම රාති‍්‍රයේ පැවැත්වෙනවා. එ් හොන්ඩුරාස් කණ්ඩායමට එරෙහිවයි. එම තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් මධ්‍යම රාතී‍්‍ර 12.30ට ආරම්භ වනවා.

 ප‍්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම සහභාගි වන පළමු තරගයද හෙට අලූයම පැවැත්වෙනවා. එහිදී  ඔවුන්ගේ ප‍්‍රතිවාදීන් වන්නේ බොස්නියාවයි. මෙහිදී සුපිරි කී‍්‍රඩක ලයනල් මෙසී ඇතුළු ආර්ජන්ටිනා කී‍්‍රඩකයින්ගේ දක්ෂතා දැකබලා ගැනීම සඳහා බ‍්‍රසීලයේ මරකානා කී‍්‍රඩාංගණයට පාපන්දු ලෝලීන් රැසක් පැමිණෙනු ඇති බවයි පාපන්දු විචාරකයින් පවසන්නේ.

 එම තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් හෙට අලූයම 3 යි 30ට ආරම්භ වීමට නියමිතයි. ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තවත් තරගයක් ස්විට්සර්ලන්තය සහ ඉක්වදෝරය අතර අද රාති‍්‍රයේ පැවැත්වෙනවා. එම තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් ආරම්භ වන්නේ රාති‍්‍ර 9 යි 30ටයි

 

Rate this item
(1 Vote)