May 19, 2024

රන් සටනට අද සැරසේ

කොළඹ ඩී.එස් සේනානායක විදුහල හා කොල්ලුපිටිය මහානාම විදුහල අතර 8 වැනි වාර්ෂික රන් හටන ක්‍රිකට් තරඟය 21 හා 22 දෙදින පී සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

කොළඹ ඩී.එස් සේනානායක විදුහල් කණ්ඩායමේ නායකයා ලෙස 19න් පහළ ලෝක කුසලාන තරඟාවලියේ දී ශ්‍රි ලංකා කණ්ඩායම නියෝජනය කළ වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු සිසුවාද, මහානාම විදුහල් කණ්ඩායමේ නායකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක නයන ප්‍රභාත් සිසුවාද කටයුතු කරයි.

 

Rate this item
(0 votes)