April 27, 2024

තෝලංගමුව - ගලහිටියාව මැදි මහ සටන හෙට 

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය සහ ගලහිටියාව මධ්‍ය විද්‍යාලය සංවිධන කරන මැදි මහ සටන නම් වූ ක්‍රිකට් තරගාවලිය හෙට පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත් වේ.

2012 වසරේ දී ආරම්භ වූ එම තරගාවලිය 03 වැනි වරට 2014 වසරේ දී පැවැත්වෙන අතර එය පෙරවරු 09.30 ට ආරම්භවීමට නියමිතයි.

එහි මංගල තරගාවලිය තෝලංගමුව මධ්‍ය විද්‍යාලය සංවිධාන කළ අතර එය කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩංගණයේ දී පැවැත් විය. එහි ජයග්‍රහණය ගලහිටියාව මධ්‍ය විද්‍යාලය දිනා ගනු ලැබී ය.

2013 වසරේ ජාත්‍යන්තර පිටියක එම තරගය පැවති අතර එය කොළඹ කෙත්තාරාම ක්‍රීඩාංගණයේ දී පැවැත් විය. එහි දී තෝලංගමුව කණ්ඩායම ජයග්‍රහණය කර තිබේ. ජාත්‍යන්තර පිටියක දී ප්‍රථම ශතකය ලබා ගැනීමට තෝලංගමුව පාසලේ සිසුවෙකුට එහි දී හැකියාව ලබීම විශේෂත්වයකි.

දිනේෂිකා එදිරිසිංහ

Rate this item
(3 votes)
Last modified on Thursday, 20 March 2014 17:06