May 18, 2024

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ඉතිහාසයට නව පිම්මක්

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ඉතිහාසයේ ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියක් පැවැත්වීමේ පළමු පියවර තබමින් යොනෙක්ස් සන්රයිස් ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශූරතාවලිය එළඹෙන ජුනි මස 04දා සිට 08දා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ තරගාවලියක් ලෙස පැවැත්වෙන මෙම යොනෙක්ස් සන්රයිස් ශ්‍රී ලංකා ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 19ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 254 දෙනකු සහභාගිවීමටද නියමිතය.

 

Rate this item
(0 votes)