May 18, 2024

අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියට විදෙස් ක්‍රීඩකයින් සිවුදෙනෙක් 

ඉදිරියේදී ඇරඹෙන අන්තර් සමාජ පළමු පෙළ වයස අවුරුදු 23 පහළ ක්‍රිකට් තරගාවලියට ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් සිවුදෙනෙකු සහභාගී වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ශ්‍රී ලංකාවට පැමිණෙන ක්‍රීඩකයින් අතරින් ටෙස්ට් වරම් ලබා ඇති එකම ක්‍රීඩකයා වන්නේ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ඇස්ටන් අගාර්ය.

ඔහු ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කිරීමට නියමිතයි.

සෙසු ක්‍රීඩකයින්වන වන ජේම්ස් මැතිව් මුවර්ස් ක්‍රීඩා සමාජයටත්  විලියම් බොසිස්ටො එන්සීසී ක්‍රීඩා සමාජයටත් මැතිව් විලියම්ස් සීසීසී කණ්ඩායමටත් ක්‍රීඩා කිරිමට නියමිතයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 26 May 2014 16:16