May 18, 2024

ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

ශ්‍රී ලංකා හා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවති දෙවන එක්දින ක්‍රිකට් තරඟය ලකුණු 157කින් ජය ගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම අද (25) සමත් විය. 

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර සියල්ලම අවසානයේ කඩුළු 8ක් දැවී ලකුණු 256ක් රැස් කළේය.

එහිදී ඉතා විශීෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 88ක් රැස්කර ගැනීමට සමත් විය. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම පන්දු වාර 26යි එක් පන්දුවකදී සියලූ දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 99ක් පමණයි. 

එහිදී සචිත්‍ර සේනානයක කඩුළු 4ක්ද, නුවන් කුලසේකර කඩුළු 3ක්ද ලබා ගැනීමට සමත් විය. 

Rate this item
(0 votes)
Last modified on Sunday, 25 May 2014 23:09