May 18, 2024

ශ්‍රී ලංකාව ලකුණු 256යි

ශ්‍රී ලංකාව සහ එංගලන්තය ක්‍රිකට් කණ්ඩායම අතර පවතින දෙවන එක්දින ක්‍රිකට් තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලූ 8 ක් දැවී ලකුණු 256 ලබා ගැනීමට සමත් විය.

එම තරඟය චෙස්ටර් - ලී - ස්ටී‍්‍රට් හිදී මේ වන විට පැවැත්වෙන අතර තරඟයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම ප‍්‍රථමයෙන් පන්දුවට පහරදීමට ශ‍්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙයනුවෙන් ඉතා විශිෂ්ඨ ඉනිමක් ක්‍රිඩා කළ තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 88 ලබාගත් අතර අශාන් ප්‍රියන්ජන් ලකුණු 43ක් ලබා ගැනීමට සමත් විය. කුමාර සංගක්කාර ලකුණු 40ද ලබා ගැනීමට සමත් විය.

Rate this item
(0 votes)