May 18, 2024

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ට දීමනා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය දා පැවති කාරක මණ්ඩල රැස්වීමේ දී හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් දීමනා ලබාදීමට තීරණය කර තිබේ.

ඒ අනුව එම රැස්වීමේ දී එළඹි ප්‍රධාන තීරණයක් ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ට සිය ක්‍රිකට් දිවිය තුළ රටට සිදු කළ සේවය සහ ගෞරවය අගයමින් එම දීමනා ලබාදීමට අනුමැතිය හිමි වී ඇත.

එහි දී තෝරා ගන්නා ලද හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් 14 දෙනෙක් සඳහා එම දීමනාව ලබාදීමට නියමිතයි.

වෛද්‍ය වියදම් වශයෙන් රුපියල් ලක්ෂ 03 ක මුදලක් ඔවුන්ට ලබාදෙන බව වාර්තා වේ.

Rate this item
(0 votes)