May 18, 2024

වර්ෂාව මැද එංගලන්තයට ජය

ශී‍්‍ර ලංකාව හා එංගලන්තය සමග පැවති පළමු එක්දින කි‍්‍රකට් තරඟයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 81 කින් ජය ගැනීමට එංගලන්තය කණ්ඩායම සමත් විය.

ඊයේ පැවති තරගයට වරින් වර වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් ශි‍්‍ර ලංකා කණ්ඩායමට තරගයේ ජයග‍්‍රහණය කිරීම සඳහා පන්දුවාර 32 කදී ලකුණු 226ක ඉලක්කයක් හිමි විය. 

ශී‍්‍ර ලංකා කණ්ඩායමට පන්දුවාර 27 යි පන්දු 5 ක් තුළ රැස්කර ගත හැකි වුයේ ලකුණු 144 ක් පමණයි. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් මහේල ජයවර්ධන ලකුණු 35 ක්, ටී.එම් ඩිල්ෂාන් ලකුණු 33 ක් රැස් කළේය.

එංගලන්ත ඉනිමටද වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් පන්දුවාර 39 කට සීමා කළ අතර එහිදී ඔවුන් කඩුලූ 6 කට ලකුණු සංඛ්‍යාව 247 ක් රැස් කළේය.

ශී‍්‍ර ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන දෙවන එක්දින කි‍්‍රකට් තරගය ලබන 25 වැනි දා පැවැත්වීමට නියමිතයි. 

Rate this item
(0 votes)