May 18, 2024

ගුවන් හමුදා පාපැදි ක්‍රීඩකයෝ කසකස්ථානයට

ආසියාතික පාපැදි තරගාවලිය 2014 සඳහා ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි කණ්ඩායමේ ගුවන්භට එන් නිරන්ත ප‍්‍රනාන්දු හා ගුවන්භට නිපුන් ශිරාන් ප‍්‍රනාන්දු යන ක‍්‍රීඩකයින්‍ මැයි මස 25 වැනි දා  කසකස්ථානය බලා පිටත් ව යාමට නියමිතයි.

ජපානය, චීනය, ඉන්දියාව ඇතුළු රටවල් 41 ක සහභාගිත්වයෙන් පැවැත්වෙන 34 වැනි ආසියානු පාපැදි ශූරතාවලිය 2014 මැයි 31 වැනි දා දක්වා කසකස්ථානයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ක‍්‍රීඩකයින් 04 දෙනෙකු සහභාගිවීමට නියමිත ව ඇත.

යුද හමුදාව නියෝජනය කරමින් ක‍්‍රීඩකයන් දෙදෙනකු සහභාගිවන අතර ගුවන් හමුදාව නියෝජනය කරන ක‍්‍රීඩකයින් සොහොයුරන් වීම ද විශේෂත්වයකී.
එම කණ්ඩායම සමග ශි‍්‍ර ලංකා පාපැදි සම්මේලනයේ සභාපති කේපීපී පතිරණ කණ්ඩායම් කළමණාකරු ලෙස ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ගෲප් කැප්ටන් සේනාරත්න සහ කණ්ඩායම් පුහුණුකරු ලෙස ටිවුඩර් විජේසූරිය සහභාගිවීමට නියමිතයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 22 May 2014 12:22