May 18, 2024

ශ්‍රී ලංකාව ජය ගනී

එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරඟය ලකුණු 9කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත්විය. 

මෙම තරඟයේ කාසිය වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළ අතර තරඟය ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්විණි.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ට ලකුණු 183 ක්  රැස් කළේය. තිසර පෙරේරා ලකුණු 49 ක්ද, තිරිමාන්න ලකුණු 40 ක්ද ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් රැස් කළේය. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායමට ලබාගත හැකිවූයේ කඩුලු 7ට ලකුණු 174ක් පමණි. ඉංගලන්ත කණ්ඩායම වෙනුවෙන් හලීස් ලකුණු 66ක් ලබා ගත්තේය.

ලසිත් මාලිංග 28 ට කඩුලු 3ක් දවා ගැනීමට සමත්විය. 

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 21 May 2014 07:53