May 18, 2024

ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 278 යි

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තුන්වන සහ අවසාන ටෙස්ට් තරගයේ දෙවන දිනය (04) අදයි. 

කාසියේ වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදෙන ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඊයේ (03) පළමු දිනය අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථම ඉනිම සඳහා කඩුලු 08 ක් දැවී ලකුණු 272 ක් ලබා ගත්තේ ය. එහි දී දිමුත් කරුණාරත්න සිය දෙවන ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 130ක් ලබා ගත්තේ ය. 

ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මෙහොතකට පෙර සියලු දෙනා දැවී ලකුණු 278 ක් ලබා පළමු ඉනිම අවසාන කළේ ය. පාකිස්තානය වෙනුවෙන් යසීර් ශා කඩුලු 05 ක් දවා ගත්තේ ය.

Rate this item
(0 votes)