May 18, 2024

දෙවන ටෙස්ට් තරඟය ඇරඹේ - කාසියේ වාසිය පාකිස්ථානයට

සංචාරක පාකිස්ථාන කණ්ඩායම සමඟ ශ්‍රී ලංකාව තරඟවදින දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.

තරඟයේ කාසියේ වාසිය පාකිස්ථානයට හිමි වූ අතර ඔවුන් තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට යි.

මෙම තරඟය පාකිස්ථානු ක්‍රීඩක යුනිස් ඛාන්ගේ 100 වැනි ටෙස්ට් තරඟය ද වනවා.

Rate this item
(0 votes)