2015 ආසියානු ග්රෝන්ප්රී මළල ක්රීඩා තරගාවලියේ පළමු අදියර බැංකොක් නුවර දී ඊයේ (22) පැවැත්විණි.
එහිදී ශ්රී ලංකාව වෙනුවෙන් මීටර් 800 කාන්තා ධාවන ඉසව්ව නියෝජනය කළ ඩබ්ලිව්.කේ.එල්.ඒ. නිමාලි ප්රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය. විනාඩි දෙකයි තත්ත්පර 7.18ක කාලයක් වැය කරමින් ඇය ප්රථම ස්ථානය හිමි කර ගෙන ඇත.
එහිදී ශ්රී ලංකාවේ ගයන්තිකා අබේරත්න එහි සිව් වන ස්ථානය හිමි කර ගත් අතර මීටර් 800 පිරිමි ධාවන ඉසව්වෙන් ඉඳුනිල් හේරත් දෙවන ස්ථානය හිමි කර ගැනීමට සමත්විය. එහිදී ඔහු වැය කළ කාලය විනාඩි 1යි තත්ත්පර 49.52කි.