May 18, 2024

සිව්වන දිනය අවසන් - පාකිස්ථානයට වඩා ලකුණු 54ක් ලංකාව පිටුපසින් (PHOTOS)

සංචාරක පාකිස්ථානු කණ්ඩායම සමඟ ශ්‍රී ලංකාව තරඟවදින පළමු ටෙස්ට් තරඟයේ සිව්වැනි දිනය අද (20) නිමා විය.

අද දින අවසාන වන විට දෙවන ඉනිමේ පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා පිල කඩුළු දෙකක් දැවී ලකුණු 63 ක් ලබා සිටියහ.

ශ්‍රී  ලංකාව පළමු ඉනිමේදී ලකුණු 300 කට දැවී ගිය අතර, පාකිස්ථානය සියළු දෙනාම දැවී ලකුණු 417 ක් රැස් කිරීමට සමත් විය.

පාකිස්ථාන පිල වෙනුවෙන් අසාද් ශාෆික් ලකුණු 131 ක් ලබාගත් අතර, සර්ෆ්‍රාස් අහමඞ් ලකුණු 96 ක් ලබා ගත්තේ ය.

පන්දු යැවීමේදී දිල්රුවන් පෙරේරා ලකුණු 122 කට කඩුළු 04 ක්ද, ධම්මික ප්‍රසාද් ලකුණු 91 කට කඩුළු 03 ක්ද බිඳ හෙලීමට සමත් විය.

ශ්‍රී ලංකා පිල මේ වන විට සිටින්නේ පාකිස්ථානයට වඩා ලකුණු 54ක් පිටුපසිනි.

තරඟයේ ඡායාරූප පහතින්.

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 21 June 2015 00:04