May 18, 2024

තරඟයේ තෙවන දිනය අවසන් - ශ්‍රී ලංකාව ඉදිරියෙන් (PHOTOS)

ශ්‍රී ලංකා පාකිස්ථානු පළමු ටෙස්ට් තරඟයේ තෙවන දිනය අද (19) ආරම්භ වූ අතර විශිෂ්ට ඉණිමක් ක්‍රීඩා කරමින් කෞෂාල් සිල්වා ලබාගත් ශතකය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පළමු ඉණිම වෙනුවෙන් ලකුණු 300 ක ඉලක්කයක් ලබා ගැනීමට හැකි විය.

මෙය කෞෂාල් සිල්වාගේ දෙවන ටෙස්ට් ශතකය වේ.

තරගයේ තෙවන දිනය අවසන් වන විට සිය පළමු ඉණිම ක්‍රීඩා කරන පකිස්ථාන කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 118ක් ලබා අසීරු තත්ත්වයක රැඳී සිටි

ඒ අනුව පකිස්ථානය ශ්‍රී ලංකාවට වඩා ලකුණු 182ක් පළමු ඉනිමේ පිටුපසින් සිටින අතර අද උදෑසන තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 3ක් දැවී ලකුණු 178ක් ලබා සිටියේ ය.

දිනයේ පළමු කඩුල්ල ලෙස නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 19කට දැවී ගියේය.

දිනේෂ් චන්දිමාල්ට ලබාගත හැකි වූයේ ලකුණු 23ක් පමණි.

ශ්‍රී ලංකා ඉනිමේ 9වැනි කඩුල්ල ලෙස මනරම් ඉණිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා ලකුණු 125කට දැවී ගියේය.

ඒ අනුව ශ්‍රී ලංකා පළමු ඉණිම සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 300කට සිමා විය.

පන්දු යැවීමේදී පකිස්ථානය වෙනුවෙන් වහබ් රියාස් සහ සුල්ෆිකර් බාබාර් කඩුලු 3 බැගින් ලබා ගත්හ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පැමිණි පකිස්ථාන කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 2දී දැවි ගිය අතර ශ්‍රී ලංකා පන්දු යැවීම හමුවේ අසරණ වූ පකිස්ථාන පිතිකරුවන්ට අද දිනය තුළ එතරම් සාර්ථක විමට නොහැකි විය.

හුදකලා සටනක නිරත වූ යුනිස් ඛාන් ලකුණු 47කට දැවී ගියේ ය.

පන්දු යැවීමේදී ධම්මික ප්‍රසාද් කඩුලු 2ක් දවා ගත්තේය.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 19 June 2015 23:02