May 18, 2024

ඉන්දියාව පරදවා බංග්ලාදේශය ජයගනී

සංචාරක ඉන්දීය කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර තරග 03කින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ මීර්පූර්හිදී ඊයේ (18) පැවැති පළමු තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 79 කින් ජය ගැනීමට සමත් වූහ. 

ජයග‍්‍රහණ සඳහා ලකුණු 308 ක ඉලක්කයක් හඹාගිය ප‍්‍රබල ඉන්දීය පිල  ඕවර 46 කදී ලකුණු 228 කට සීමා විය.

බංග්ලාදේශය එක්දින තරගයකදී ඉන්දියාව පරාජය කළ සිව්වැනි අවස්ථාව මෙය වේ.

පළමු එක්දින තරගයට සහභාගි වූ වමතින් වේග පන්දු යවන මුෂ්ටාෆිෂුර් රහමන් ලකුණු 50 කට කඩුලූ 5 ක් දවා ගනිමින් ඉන්දීය කණ්ඩායමට ප්‍රබල බලපෑමක් කිරීමට සමත් විය. මුෂ්ටාෆිෂුර් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.

ඉන්දීය ආරම්භක පිතිකරුවන් වන රෝහිත් ශර්මා (63) සහ ශීකර් ධවාන් (30) ලකුණු 95 ක සම්බන්ධතාවක් පැවැත්වූව ද බංග්ලාදේශ පිලේ විශිෂ්ට පන්දු යැවීම සහ පන්දු රැකීම හමුවේ ඉනිම අඩපණ විය.

විරාට් කෝලි (01) සහ අජින්ක්‍යා රහනේ (09) අසාර්ථක වූ අතර නායක මහේන්ද්‍ර සිං දෝනි ලකුණු 5 කට දැවී ගියේය.

 

Rate this item
(0 votes)