May 18, 2024

ශ්‍රී ලංකා - පාකිස්තාන තරගය ආරම්භය ප‍්‍රමාදයි

සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ ආරම්භවීමට නියමිතව තිබූ පළමු ටෙස්ට් තරගය අද (18) පෙරවරු 9.45 ට ආරම්භ වීමට නියමිතව තිබූ අතර නමුත් තරගයේ ආරම්භය තවදුරටත් ප‍්‍රමාද වී තිබේ.

අවිනිශ්චිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල ක්‍රිකට් කී‍්‍රඩාංගණයේ තණතීරු ආවරණ උදෑසනම ඉවත් නොකිරීමට කී‍්‍රඩාංගණ බලධාරීන් කටයුතු කර තිබිණි. මේ හේතුවෙන් නියමිත වේලාවට කී‍්‍රඩාංගණය විනිසුරුවරුන්ට බාර දීමට නොහැකි විය. 

කෙසේ වෙතත් පෙරවරු 10.00 වන විට කී‍්‍රඩාංගණයේ සියලූම ආවරණ ඉවත් කර විනිසුරුවරුන්ට පිටිය බාර දී තිබිණ.

පළමු දිනයේ තරගය නොපැවැත්වුණ හෙයින් කී‍්‍රඩාංගණය පරීක්‍ෂා කිරීමෙන් අනුරුව තරගය ආරම්භ වන වේලාව විනිසුරුවරුන් සහ තරග තීරක කි‍්‍රස් බ්‍රෝඩ් මහතා තීරණය කරනු ඇත.

 

Rate this item
(0 votes)