May 04, 2024

හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් සිව්වන තැන නදීකාට

21වන ආසියාතික මළල ක්‍රීඩා තරඟාවලියේ පිරිමි මීටර් 400 හතර සහය කණ්ඩායම මෙන්ම මීටර් 800 ඉසව්වට ඊයේ (07) එක්වූ ඉඳුනිල් හේරත් පස්වන ස්ථානය හිමි කර ගැනීමට සමත් විය. 

මේ අතර ඊයේ දිනයේදී පැවති කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මීටර් 52.29 ක දක්ෂතාවක් දැක්වූ නදීකා ලක්මාලිට හිමිවුණේ සිව්වන ස්ථානයයි. 

කෙසේ වෙතත් කාන්තා මීටර් 800 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් එකම පදක්කමක් හිමිකරගැනීමට එල්.ඒ. නිමාලි ඊයේ සමත්විය. 

ආසියාතික මළල ක්‍රීඩා තරඟාවලිය චීනයේ වූහාන් නුවර පැවැත්වේ.

 

Rate this item
(0 votes)