May 04, 2024

බලශක්ති සංරක්ෂණයේ පාපැදි තරගය අද

ජාතික බලශක්ති සංරක්ෂණ මාසය වෙනුවෙන් "හෙටක් වෙනුවෙන් රටක්" තේමාව යටතේ ක්‍රියාත්මක වන බලශක්ති සංරක්ෂණ වැඩසටහනේ දෙවෙනි අදියර වශයෙන් ප්‍රදර්ශනාත්මක පාපැදි ධාවන තරගයක්, විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) උදෑසන 7.00 ට පැවැත්වේ. 

මෙම ධාවන තරගයේ ප්‍රධාන ඉලක්කය වන්නේ ඛණිජ තෙල් පරිහරණය සහ විදුලිය ඉතිරි කරගැනීමත්, අත්‍යාවශ්‍ය නොවන අවස්ථාවන්හිදී  ඉන්ධන සහ විදුලිය භාවිතා නොකොට ඒ සඳහා ශ්‍රමය වැඩිවශයෙන් භාවිතා කිරීමට ජනතාව පෙළඹවීම මෙහි අරමුණ වේ.

Rate this item
(0 votes)