May 04, 2024

පන්දුව වැදීමෙන් තවත් ක්‍රීඩකයෙක් ක්‍රිකට්වලින් සමුගනී

එංගලන්ත කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩකයෙකු මෙන්ම පිතිකරුවෙකු ද වන ක්‍රේග් කීස්වෙටර් ක්‍රීඩාවෙන් සමු ගැනීමට තීරණය කළ බව ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කරමින් පවසා ඇත.

27 හැවිරිදි කීස්වෙටර් මාධ්‍ය වෙත පවසා ඇත්තේ, ඔහුගේ ඇස් ආබාධය හේතුවෙන් මේ වනවිට ඔහු මානසිකව ඇදවැටී ඇති බවත් එම නිසා නැවත ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ ආශාවක් නොමැති බවත්ය.

කීස්වෙටර් පසුගිය ජුලි මාසයේ නෝර්තැම්ෂියර් කණ්ඩායමට එරෙහිව පැවති ප්‍රාන්ත ක්‍රිකට් තරගයක් අතරතුරදී ආබාධයකට ලක් වීමෙන් පසු ඔහුගේ වම් ඇසේ පෙනීම දුර්වල විය.

ප්‍රතිවාදී කණ්ඩායමේ පන්දු යවන්නෙකු විසින් එල්ල කරනු ලැබූ පන්දුවක් ඔහුගේ කම්මුලේ වැදීමෙන් අනතුර සිදු වූ අතර එහිදී කම්මුල් ඇටය සහ නාසයට හානි වූ අතර පසුව ඔහුගේ වම් ඇසේ පෙනීම දුර්වල වි තිබේ.

මෙහිදී ඔහු ආරක්ෂිත හිස්වැසුමක් පැළඳ සිටිය ද ඔහුට අනතුරින් බේරීමට හැකියාවක් ලැබී නොමැති බවයි මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් කිසිදු පසු තැවිල්ලකින් තොරව ක්‍රීඩාවෙන් සමු ගන්නා බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.

Rate this item
(0 votes)
Last modified on Saturday, 06 June 2015 14:16