May 04, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟ විකාශනය රූපවාහිනියට පවරයි

ඉදිරි වසර තුන සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා විකාශන අයිතිය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

අදාළ කරුණු තක්සේරු කිරීමෙන් ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබුණු ලිපි ගොනු අධ්‍යයනය කිරීමෙන් ද පිළිගත් ක්‍රියා පටිපාටිය අනුගමනය කිරීමෙන් ද පසු ක්‍රිකට් ක්‍රීඩා විකාශන අයිතිය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට ලබා දීමට ක්‍රිකට් පාලක මණ්ඩලයේ අන්තර් වාර කමිටුව තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

විකාශන අයිතිය බාර ගත් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සමඟ සාර්ථක සහයෝගිතාවක් බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් තවදුරටත් ප්‍රකාශ කරයි.

Rate this item
(1 Vote)