May 04, 2024

ඒබී ඩිවිලියර්ස්ට සම්මාන ත්‍රිත්වයක්  

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක ඒ.බී ඩිවිලියර්ස්ට දකුණු අප්‍රිකානු වාර්ෂික ක්‍රිකට් සම්මාන උළෙලේදී සම්මාන ත්‍රිත්වයක් හිමිවී තිබේ.

ඒ අනුව වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා, වසරේ ක්‍රීඩකයන්ගේ ක්‍රීඩකයා, වසරේ ක්‍රීඩාලෝලීන්ගේ ක්‍රීඩකයා යන සම්මාන ත්‍රිත්වයයි ඒ.බී. ඩිවිලියර්ස් විසින් දිනා ගෙන ඇත.

2014 වසරේ එක්දින තරග 28කට සහභාගි වී ලකුණු 1610ක් රැස්කර ගෙන සිටින ඩිවිලියර්ස්ගේ දළ වේගය 80.50ක් වේ. 

මේ අතර ජොහැන්නර්ස්බර්ග් හිදී බටහිර ඉන්දීය කොදව්වන්ට එරෙහිව පන්දු 31ක් තුළදී ලකුණු 100ක් වාර්තා කිරීමෙන් ඒ.බී ඩිවිලියර්ස් වේගවත් ශතකයට ද හිමිකම් කියනු ලබයි. 

මේ අතර හෂීම් අම්ලා වසරේ ටෙස්ට් ක්‍රීඩකයාගේ සම්මානය දිනා ගෙන ඇත. ඔහු 2010 සහ 2013 යන වසර වලදී ද එම සම්මානය දිනා ගැනීමට සමත් විය.

Rate this item
(0 votes)