May 04, 2024

ඕස්ට්‍රේලියා - කොදෙව් තරගයේ දෙවන දිනය අදයි 

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි (04). 

ඊයේ (03) දිනයේ දී තරගය නතර කරන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි  ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුළු 03ක් දැවී ලකුණු 85ක් රැස් කරගෙන සිටියහ. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමු ඉනිම සඳහා සියළු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 148ක් පමණි.

 

Rate this item
(0 votes)