May 04, 2024

ක්‍රිකට් පන්දුව දමා ගසන පන්දු යවන්නන් 170 ක් පාසල් සහ අන්තර් සමාජ මට්ටමින් සොයා ගනියි

ක්‍රිකට් ක්‍රීඩාවේ පන්දු යැවීමේදී නිවැරදි ඉරියව් භාවිත නොකර පන්දුව දමා ගසන ක්‍රීඩකයින් රැසක් හඳුනා ගැනීමට  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හැකි වී තිබේ.

ඒ පන්දු යවන්නන් නිවැරදි කිරීමේ වැඩපිළිවෙලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ආරම්භ කර ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙල යටතේය. ඒ අනුව, පළමුව පාසල් සහ අන්තර් සමාජ මට්ටමින් මෙම ක්‍රීඩකයන් හඳුනා ගැනීමට පියවර ගෙන ඇත.

එසේම එවැනි ක්‍රීඩකයින් හඳුනා ගන්නා ලෙස තරඟ විනිසුරුවරුන්ට සහ පුහුණුකරුවන්ට උපදෙස් ලබාදී ඇති බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි. ඒ අනුව දැනට අන්තර් සමාජ සහ පාසල් මට්ටමින් පන්දුව දමා ගසන බවට සැක කළ හැකි ක්‍රීඩකයින් 170 දෙනෙකු හඳුනාගෙන තිබීම විශේෂත්වයක්.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 03 June 2015 15:26