May 04, 2024

වසරේ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩක හා දක්‍ෂතම තුන් ඉරියව් ක‍්‍රීඩක සම්මාන චරිත්ට

පාසල් ක‍්‍රිකට් සංගමය මෙහෙයවූ ‘සිංගර්’ කුසලාන වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ (2014/15) ‘සිංගර් පාසල් ක‍්‍රිකට් සම්මාන 2015’ ජයසංකේත ප‍්‍රදානෝත්සවයේ ගාල්ල රිච්මන්ඩ් විදුහලේ චරිත් අසලංක ශූරතා දෙකක් දිනා ගැනීමට සමත් විය.

ඒ අනුව චරිත් අසලංක ‘වසරේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයා’ සහ ‘දක්‍ෂතම තුන් ඉරියව් ක‍්‍රීඩක‘ යන සම්මාන දෙක දිනා ගත්තේය.

මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ අවිෂ්ක ප‍්‍රනාන්දු ‘වසරේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයා’ අනු ශූරතාව සහ ‘දක්‍ෂතම පිතිකරු‘ යන සම්මාන දෙකම දිනා ගත්තේය. 

මහනුවර ත‍්‍රිත්ව විදුහල ලීග් තරගාවලියේ ශූරතාව දිනාගත් අතර අනුශූරතාව කොළඹ තර්ස්ටන් විදුහලට හිමිවිය.

ඡායා රූ - කෙළිමඩල

 

Rate this item
(0 votes)