May 04, 2024

එක්දින තරගාවලියේ ජය පකිස්තානයට

සංචාරක සිම්බාබ්වේ පිල සහ පාකිස්තාන පිල අතර ලාහෝර්හි ගඩාෆි කී‍්‍රඩාංගණයේදී දිවා රාතී‍්‍ර තරගයක් ලෙස පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් කඩුලූ 6 ක ජයක් අත්කර ගැනීමට පාකිස්තාන පිල සමත් විය.

කාසියේ වාසිය දිනූ පාකිස්තානය පළමුවෙන් පන්දුවට පහර දෙන ලෙස සිම්බාබ්වේ පිළට ඇරයුම් කළ අතර ඔවුන් සිය පන්දු වාර 50 තුළ දී කඩුලූ 7ක් දැවී ලකුණු 268ක් රැස් කළේය.

සිම්බාබ්වේ පිළ වෙනුවෙන් සිකන්දර් රාසා නොදැවී ලකුණු 100ක් ලබා ගත් අතර, චාමු චිබාඩා ලකුණු 99ක් රැස් කිරීමට සමත් විය.

පිළිතුරු වශයෙන් පාකිස්තානය පන්දු වාර 47යි පන්දු 2කදී කඩුලූ 4ක් දැවී ලකුණු 269ක් ලබමින් තරඟයේ ජය හිමි කර ගත්හ. අසාර් අලි ලකුණු 102යි. හරිස් සොහයිල් නොදැවී ලකුණු 52යි. 

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද පාකිස්තාන පිල සමත් විය.

 

 

Rate this item
(0 votes)