May 04, 2024

ශ්‍රී ලංකා රග්බි සංගමයට බලපෑම්

ශ්‍රී ලංකා රග්බි සංගමයේ නිලවරණය පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යංශය බාධා කිරීම හේතුවෙන් රග්බි සංගමය වෙනුවෙන් එහි උපසභාපති ලසිත ගුණරත්න මහතා ගොනු කළ අභියාචනාව ලබන 16වැනිදා විභාගයට ගැනීමට නියමිත බව  වාර්තා වේ.

කොළඹ අභියාචනාධිකරණයේ ගොනු කළ ඇති මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ, වත්මන් ක්‍රීඩා ඇමැති නවීන් දිසානායක සහ ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්තුමාන් යන තිදෙනා නම් කර ඇති අතර ඔවුන් ලබන 16වැනිදා උත්තර බැදීමට අභියාචනාධිකරණයට පැමිණීමට නියමිතව තිබේ.

රග්බි ව්‍යවස්‌ථාවට පටහැනිව ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් විසින් ඉකුත් 14වැනිදා පැවැත්වීමට තිබු රග්බි නිලවරණය නතර කරන ලෙස නියෝග කිරීම මෙයට හේතුව වී තිබේ.

 

Rate this item
(0 votes)