May 18, 2024

ලෝක දැල්පන්දු තරඟාවලිය ඉලක්ක කර මෙරට සංචිතය තෝරා ගැනෙයි

ලබන අගෝස්‌තු මස ඔස්‌ට්‍රේලියාවේ සිඩ්නි හි පැවැත්වීමට නියමිත ලෝක ශූරතා දැල්පන්දු තරගාවලිය ඉලක්‌ක කරගත් ශ්‍රී ලංකා කණ්‌ඩායමේ අවසාන තේරීම් පරීක්‍ෂණය ඊයේ (27) කොළඹ සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විය.

මේ අතර වසර අවසානයේ මීළඟ ආසියානු කනිෂ්ඨ දැල්පන්දු තරගාවලිය සඳහාද මෙම සංචිතය හොඳ ආයෝජනයක්‌ වනු ඇතැයි අදාළ තෝරාගැනීම් පරිශ්‍රයේ රැඳී සිටි දැල්පන්දු බලධාරීහු පැවසූහ.යොවුන් ක්‍රීඩිකාවන්ට මෙම කණ්‌ඩායමේ වැඩි අවස්‌ථාවක්‌ හිමි කර දීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.‌  


යාපනයේ වෙනීජා පරමලිංගම් මෙන්ම ත්‍රිකුණාමලයේ පී. අශ්විනි ද, අවසන් තේරීම් සඳහා වූ 20දෙනා අතරට පැමිණ සිටි නමුත් මේ අතුරින් 12දෙනෙකු අවසන් සංචිතය ලෙසින් නම් වන අතරවාරයේ තවත් තිදෙනෙකු එහි අතිරේක ක්‍රීඩිකාවන් ලෙසින් නම් වන්නට නියමිතය.

 

Rate this item
(0 votes)