May 18, 2024

විශ්‍රාම ගිය ලෝක ක්‍රිකට් කණ්ඩායමට සනත් ජයසූරිය

නේපාල භූ කම්පනයෙන් විපතට පත් ජනතාවට ආධාර එකතු කිරීම සඳහා පැවැත්වෙන ප්‍රදර්ශනාත්මක ක්‍රිකට් තරගයක් සඳහා ශ්‍රී ලංකාවේ සනත් ජයසූරියද එක්වීමට නියමිතව ඇත.

එහිදී ලෝක ක්‍රිකට් කණ්ඩායමට සනත් ජයසූරියද ක්‍රීඩා කරන අතර එම කණ්ඩායම හිටපු හා විශ්‍රාම ගිය ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සමන්විත වෙයි.

මෙම තරගය නේපාල ජාතික ක්‍රිකට් කණ්ඩායම හා ලෝක ක්‍රිකට් කණ්ඩායම අතර මැලේසියාවේදී අගෝස්තු මස 9 දා පැවැත්වීමට නියමිතය. 

Rate this item
(0 votes)