May 18, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්‌ ගිවිසුම් ගත කරන්න අලුත් ක්‍රමයක් සොයා ගනී

ක්‍රිකට්‌ ක්‍රීඩකයන් කොන්ත්‍රාත් ගත කිරීම ක්‍රම තුනකට සිදුකිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ. ඒ අනූව ජාතික කණ්‌ඩායම සහ 'ඒ' කණ්‌ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් කාණ්‌ඩ දෙකකට සහ පළාත් තරගාවලි ඇතුලු වෙනත් තරගාවලි ක්‍රීඩා කරන ක්‍රීඩකයන් තවත් කාණ්‌ඩයක්‌ යටතේ කොන්ත්‍රාත් ගත කිරීමට නිමිතව තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය සමග ගිවිසුම් ගත කරන ක්‍රීඩකයන් සංඛ්‍යාව නව ක්‍රමවේදයකට අනූව ලබන සතියේ සිට මෙලෙස ගිවිසුම් ගත කිරීමට නියමිතව ඇත්තේ ක්‍රිකට්‌ අතුරු කමිටුවේ සංකල්පයකට අනූවය.

එහිදී ජාතික කණ්‌ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් 20 ක්‌ හෝ 17 දෙනෙක්‌ ඉහළම කොන්ත්‍රාත්තුවකට අයත් වේ. ඒ අතර විශේෂ දක්‍ෂතා දක්‌වන ප්‍රධාන ක්‍රීඩකයන් සහ අනිකුත් ක්‍රීඩකයන් කාණ්‌ඩ වශයෙන් කොන්ත්‍රාත් ගත කිරීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා 'ඒ' කණ්‌ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් දෙවැනි ප්‍රධාන කොටසට අයත් වේ. ඒ අනූව ක්‍රීඩකයන්ගේ දක්‍ෂතා මත ඔවුනට ලැබෙන කොන්ත්‍රාත් අගයන් වෙනස්‌ වන අතර පළාත් ක්‍රීඩකයන් වෙනම කාණ්‌ඩයක්‌ යටතේ කොන්ත්‍රාත් ගත වේ.


කෙසේ වෙතත් පසුගිය මාර්තු මාසය වන විට ක්‍රීඩකයන් 108 දෙනකු ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය සමග ගිවිසුම් ගතව තිබේ. එම ගිවිසුම් ගත කිරීම සනත් ජයසූරියගේ සභාපතිත්වයෙන් යුත් හිටපු ක්‍රිකට්‌ තේරීම් කමිටුව විසින් සිදුකර තිබුණු බවයි එම වාර්තා පෙන්වා දුන්නේ. නමුත් නව කොන්ත්‍රාත් ක්‍රමය යටතේ 80 කට අඩු සංඛ්‍යාවක්‌ පමණක්‌ ගිවිසුම් ගත කිරීමට නියමිතව ඇතැයි සඳහන්.


Rate this item
(0 votes)
Last modified on Friday, 22 May 2015 15:17