May 18, 2024

IPL අවසන් වටයේ පළමු තරඟය අදයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් වටයේ පළමු තරඟය මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේදී අද (19) පැවැත්වීමට නියමිතයි. 

එහිදී මුම්බායි ඉන්දියන්ස් පිළ සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර මෙම තරඟය පැවැත්වේ. 

රෝහිත් ෂර්මා මෙහෙය වන මුම්බායි කණ්ඩායමේ තීරණාත්මක වේග පන්දු යවන්නා ලසිත් මාලිංග වන අතර ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මූලික වටයේ තරගවලදී මුම්බායි කණ්ඩායමට වඩා ඉදිරියෙන් සිටී.

එම කණ්ඩායම් දෙක මීට පෙර 22 වතාවක් මුණ ගැසී ඇති අතර, දෙපිළම ජයග්‍රහණ 11 බැගින් ලබා තිබේ. 

 

Rate this item
(0 votes)