May 18, 2024

අන්තර් රෙජිමේන්තු කැරම් ශූරතාව ඉංජිනේරු බලකායට

යුද හමුදා කැරම් ක්‍රීඩා කමිටුව දෙවන වරටත් සංවිධානය කරන ලද අන්තර් රෙජිමේන්තු කැරම් ක්‍රීඩා තරගාවලිය පසුගියදා මත්තේගොඩ යුද හමුදා කඳවුරේදී  පැවති අතර මෙහි ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය දිනා ගත්තේය. 

මේ සඳහා රෙජිමේන්තු 14 ක් නියෝජනය කරමින් ක්‍රීඩකයන් සහභාගි වූ අතර තරගාවලියේ අවසන් තරග සහ සහතිකපත් ප්‍රදානෝත්සවය යුද හමුදා කැරම් කම්ටු සභාපති මේජර් ජෙනරාල් එල්.එන්. වික්‍රමසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.   

මෙහි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව දෙවන ස්ථානයත් ශ්‍රී ලංකා යුද්ධෝපකරණ බලකාය තුන්වන ස්ථානයත් දිනා ගත්තේය.

Rate this item
(0 votes)