May 05, 2024

රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායමට තියුණු ජයක්

අයිපීඑල් තරගාවලියට අදාල ව ඊයේ පැවැති සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර තරගයෙන් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම කඩුළු 04 ක තියුණු ජයක් හිමි කර ගත්හ.

තරගයේ කාසියේ වාසිය දිනූ බැංගලෝර් නායක විරාට් කෝලි පන්දුවට ප‍්‍රථමයෙන් රැකීමට තීරණය කළේ ය.

ඒ අනුව ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම නියමිත පන්දු වාර 20 තුළ කඩුළු 06 ක් දැවී ලකුණු 155 ක් රැස් කළහ. 

පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළා බැගලෝර් කණ්ඩායම සිය ඉනිමේ එක් පන්දුවක් ඉතිරිව තිබිය දී කඩුළු 06 ක් දැවී ලකුණු 158 ක් ලබා ගනිමින් තරගයේ ජයග‍්‍රහණය හිමි කරගෙන තිබේ.

Rate this item
(0 votes)