May 18, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් නව නායකයන් මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩාය‍මේ නායකත්වයට නැවතත් ඇන්ජලෝ මැතිව්ස් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය  (14දා) නිවේදනය කළේය.

ඒ අනුව ඔහු ටෙස්ට් හා එක්දින කණ්ඩායම්හි නායකත්වය දරණු ඇති. මේ අතර පසුගිය වසරේ පැවැති විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ නායකත්වයට පත්කළ ලසිත් මාලිංග තවදුරටත් ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ඇත.

පාකිස්තාන කණ්ඩායම එළැඹෙන ජුනි මස ශ්‍රී ලංකාවේ සිදුකිරීමට නියමිත සංචාරයේ සිට ශ්‍රී ලංකා කණ්ඩායම එළැඹෙන වසරේ සිදුකිරීමට නියමිත එංගලන්ත සංචාරය දක්වා ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කරනු ඇති.

ලසිත් මාලිංග එළැඹෙන වසරේ ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය තෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ඇති. ක්‍රිකට් තේරීම් කමිටුවේ තීරණයට සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ අනුමැතිය හිමිව තිබේ.

Rate this item
(0 votes)