May 18, 2024

සංගාට සිදු වූ අසාධාරණය ගැන බ්‍රිතාන්‍යයේ අවධානය

ලන්ඩනයේ හීත්‍රෝ ගුවන්තොටුපළේදී පසුගිය මැයි 8 වැනිදා ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාරට අශිෂ්ට හා නොහොබිනා විදියට සැලකූ බව කියන ආගමන නිලධාරියා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට සූදානම් බව බ්‍රිතාන්‍ය ස්වදේශ අමාත්‍යංශය ප්‍රකාශ කර තිබේ.

සංගා තමාට සිදුවූ හිරිහැර ගැන ඔහුගේ ට්විටර් වෙබ් අඩවියේ සටහන් තැබූ අතර ඊට මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් ලබා දී තිබිණි.

සරේ ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට සංගා  ලන්ඩනයට ගොස් ඇත.

තම නිලධාරීන් හැමවිටම ආචාරශීලී ලෙසත් සුහද ලෙසත් කටයුතු කළ යුතු බවත් සංගක්කාරගෙන් පැමිණිල්ලක් ලැබුණු පසුව ඒ ගැන පරීක්ෂණයක් පවත්වන බවත් බ්‍රිතාන්‍ය ස්වදේශ අමාත්‍යංශය සඳහන් කර තිබේ.

 

 

Rate this item
(0 votes)