May 18, 2024

කෙවින් පීටර්සන් ත්‍රිත්ව ශතකයක් ලබයි

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේදී ලැංකර්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිව ත්‍රිත්ව ශතකයක් වාර්තා කිරිමට කෙවින් පීටර්සන් සමත් විය.

 

 පන්දු 373 කදී වාර්තා කළ එම ත්‍රිත්ව ශතකයට හයේ පහර 14 ක් සහ හතරේ පහර 34 ක්  ඇතුළත්.

 

 සරේ ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරන පීටර්සන් එම තරගයේදී නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 326 ක් විය.

 

 මෙය පීටර්සන් ප්‍රාන්ත තරගාවලියකදී දැක්වූ ඉහළම පිතිකරණ දක්‍ෂතාව ද වෙයි.​ 

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 13 May 2015 15:39