May 05, 2024

අයර්ලන්ත සංචාරයට පිටත්වෙයි

එංගලන්තයේ හා අයර්ලන්තයේ එක්දින හා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් සඳහා ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 02 වැනි දා දිවයිනෙන් පිටත්ව ගිය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

එම කණ්ඩායම සමඟ යාමට නොහැකි වූ උපුල් තරංග, නිරෝෂන් දික්වැල්ල සහ ධම්මික ප්‍රසාද් ඊයේ (03) අලුයම අබුඩාබි හරහා ඩබ්ලින් වෙත ගොස් කණ්ඩායමට එකතුවීමට නියමිතය. මේ ක්‍රීඩකයින් තිදෙනා එංගලන්තයේ තරගවලට සහභාගී නොවන අතර ඔවුන් අයර්ලන්තයේ පැවැත්වෙන තරගවලට එක් වීමට නියමිතය.

තරගාවලියේ පළමු එක්දින තරගය මැයි 6වැනිදා ආරම්භ වීමට නියමිතය. එංගලන්තයේ දී ටෙස්ට් තරග 2කට හා එක්දින තරග 5කට ක්‍රීඩා කරන අතර එංගලන්තය සමග විස්සයි20 තරගයකට ද ශ්‍රී ලංකා පිල සහභාගී වේ. අයර්ලන්තය සමග අන්තර්ජාතික එක්දින තරග 2කට ද ශ්‍රී ලංකා පිල සහභාගී වනු ඇත. ප්‍රධාන පුහුණුකරු ලෙස මාවන් අතපත්තුගේ මුල්ම ජාත්‍යන්තර තරගාවලිය ද මෙයයි.

වීසා ලබාගැනීමේ ප්‍රමාදයක් නිසා තිසර පෙරේරා මෙම කණ්ඩායමට එක් නොවූ බව ද අයිපීඑල් තරගාවලියට එක් ව සිටින ඔහුගේ වීසා අයදුම්පත් චෙන්නායි වෙත ඉදිරිපත් කර එක්සත් රාජධානියේ වීසා අපේක්ෂාවෙන් සිටින බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් පවසයි.

Rate this item
(0 votes)