ඉන්දීය ප‍්‍රිමියර් ලීග් විස්සයි - 20 ක‍්‍රිකට් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර චෙන්නායිහිදී ඊයේ (10) පැවති තරගයෙන් ලකුණු 12 කින් ජය ගැනීමට චෙන්නායි කණ්ඩායම සමත්විය.
ඒ අනුව චෙන්නායි කණ්ඩායම ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පැමිණියේය. චෙන්නායි කණ්ඩායම මේ වනවිට තරග 12 කදී ජයග‍්‍රහණ 8 ක් සමගින් ප‍්‍රසාද ලකුණු 16 ක් ලබා සිටියි.
කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම තරග 12 කදී ජයග‍්‍රහණ 7 ක් සමගින් ප‍්‍රසාද ලකුණු 15 ක් ලබා දෙවැනි ස්ථානයේ ද, රාජස්ථාන් පිල තරග 13 කදී ජයග‍්‍රහණ 6 ක් සමගින් ලකුණු 14 ක් ලබා තෙවැනි ස්ථානයේ ද රැදී සිටියි.
ජයග‍්‍රහණය සදහා ලකුණු 158 ක ඉලක්කය හඹාගිය රාජස්ථාන් පිල ඕවර 20 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 145 ක් රැස් කළේය. පළමුව පන්දුවට පහර දුන් චෙන්නායි කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලූ 5 ක් දැවී ලකුණු 157 ක් රැස් කළේය.