පීලිපීනයේ මැනිලා නුවරදී පැවැති ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලියේ ඊයේ (09) පැවැති අවසන් තරගයේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ලකුණු 27-14 කින් පිලිපීනය පරාජය කරමින් ශූරතාව දිනා ගැනීමට සමත් වූහ.
තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී කසකස්ථාන කණ්ඩායම ලකුණු 35-14 ක් ලෙස පරාජයට පත් කළ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්හ.
ලකුණු 20-17 ක් ලෙස තියුණු තරඟයකින් පසු දෙවන අවසන් පූර්ව තරගය සිංගප්පූරු කණ්ඩායම පරාජයට පත් කරමින් පිලිපීනය ජය ගත්තේය.